1,131,641 members
11 months ago

When:
30 November, 2016

Location:
New Town Hall-Colombo

Organised by:
The International Youth and Students for Social Equality


"......මැතිවරනය පුරාම, ඩිමොක‍්‍රටිකයෝ යුද්ධයේ දක්ෂිනාංශික ක‍්‍රියාමාර්ගයක් සහ වරප‍්‍රසාදිත ඉහල මධ්‍යම පන්තියේ උත්සුකතාවයන් ඉස්මතු කරන හා කම්කරු පන්තිය බෙදීමට සේවය කරන වාර්ගික සහ ලිංගිකත්ව දේශපාලනය ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රතිගාමීත්වය සමග සම්බන්ධ වූ “අනන්‍යතාවයන්”ගේ පක්ෂයක් ලෙස තමන් ව විකුනා ගත්හ. වැඩකරන ජනතාවට දීමට ඩිමොක‍්‍රටිකයන් ට කිසිවක් නැති නිසා ක්ලින්ටන් ගේ චන්ද සියලුම ජාතීන් අතර කම්කරු පන්තියේ චන්ද පහත වැටුනි.

කුමක් නිසාද යත්, ලොව පුරාම බරපතල ව අර්බුදයට ගොස් ඇති ධනවාදය ආරාක්ෂා කරන හෙයිනි. ට‍්‍රම්ප්ව නිෂ්පාදනය කල ධනවාදී පද්ධතිය එයයි.

දසක ගනනාවක යුද්ධය, ආර්ථික කප්පාදු පිලිවෙත් හා ප‍්‍රතිගාමීත්වය ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලියට මාරාන්තික ව වල කපමින් මුල්‍ය පරපුටුවාදය සහ දේශපාලන දූෂිතකම විසින් පාලිත සමාජයක් නිෂ්පාදනය කලේ ය. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳ වැටීමේ ෆැසිස්ට්වාදී පුද්ගලාවරෝපනය වූ ඩොනල්ඩ් ට‍්‍රම්ප්ව වමනය කල කොන්දේසි මේවාය.

එම නිසා ට‍්‍රම්ප්ට එරෙහි අරගලය ධනවාදයට එරෙහි අරගලය මත පාදක විය යුතු ය. එනම්, එය එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව සියලුම වාර්ගික හා ලිංගිකත්වයන් ට අයත් වැඩකරන ජනතාව හා තරුනයන් සාමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පාදක ව එකමුතු කිරීමේ අරගලයකි. එය නිෂ්පාදන ලීවරයන්ගේ පුද්ගලික හිමිකාරකම හා සංගත හා මූල්‍ය කතිපයාධිපතිත්වය විසින් අති දැවැන්තව ධනය රැස්කිරීම මත පාදක වූ සමස්ත සමාජ හා ආර්ථික පද්ධතියකට විරුද්ධවීමක් මිස තනි පුද්ගලයෙකුට විරුද්ධවීමේ ප‍්‍රශ්නයක් නො වේ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමාජවාදය සඳහා අරගලයට මූලිකත්වය ගනිමින් සිටී. සසපට සහ සසජාතශි ට බැඳී මෙම අරගලයට උරදෙන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුනයන් ගෙන් ඉල්ලා සිටිමු. අපතේ යැවීමට කාලයක් නැත!"
http://www.wsws.org/sinhala/2016/2016nov/per1-19n.html

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ විසිනි.